චීන අග්‍රාමාත්‍ය ලිං ච්‍යං මහතා වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති To Lam මහතා හමු වෙයි. එම හමුව ඊයේ (12) වියට්නාමයේ දී පැවැත්විණ.
වියට්නාමය සමග එක්ව දෙරටේ නායකයන්ගේ වැදගත් එකඟතාවන් ක්‍රියාත්මක කර උපායමාර්ගික අර්ථය හිමි චීන -වියට්නාම පොදු ඉරණමක් සහිත ප්‍රජාව ගොඩනැගීම ස්ථිර ලෙස ඉදිරියට ගෙන යාමට චීනය කැමැත්තෙන් සිටී. දුම්රිය, අධිවේගි මහ මාර්ග, වරාය යන යටිතල පහසුකම් මෙන්ම බුද්ධිමත් රේගු සේවා යන ව්‍යාපෘති දෙපාර්ශ්වය පොදුවේ සංවර්ධනය කරනු ඇතැයි චීනය අපේක්ෂා පළ කරන බව ලිං ච්‍යං මහතා පැවසීය. ඊට අමතරව, වියට්නාමය සමග අන්තර් දේශසීමා ආර්ථීක සහයෝගිතා කලාපය ඉදිකිරීම් අත්හදා බැලීම සක්‍රීය ලෙස පර්යේෂණ කරමින් නව ක්ෂේත්‍රවල සහයෝගිතා පුළුල් කර මානව හුවමාරු තහවුරු කිරීමට චීනය බලාපොරොත්තු වන බවද චීන අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
චීනය සැමවිටම වැදගත් කොට සලකමින් වියට්නාම-චීන අංග සම්පූර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුකාරීත්වය ගැඹුරු කරමින් වියට්නාම-චීන පොදු ඉරණමක් සහිත ප්‍රජාව ගොඩනැගීම ඉදිරියට ගෙන යන බවද To Lam මහතා එහිදී පැවසීය.එකම චීනය පිළිබඳ මූලධර්මය ස්ථිර ලෙස අනුගමනය කරන වියට්නාමය සියලු ආකාරයේ “ තායිවාන බෙදුම්වාදී ක්‍රියාවන්ට ” විරෝධය පළ කරයි.එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ හා ගෝලීය මුලපිරුම් තුන සංවර්ධනය කිරීමට වියට්නාමය සහය ලබා දෙන අතර චීනය සමග බහුපාර්ශ්වික රාමු තුළ සම්බන්ධීකරණය හා සහයෝගිතාව තහවුරු කරනු ඇතැයිද ජනාධිපති To Lam මහතා ප්‍රකාශ කළේය.