ජාත්‍යන්තර හා පෞද්ගලික පාසල් ශ්‍රේණිගත කිරීම කඩිනම් කෙරේ
2024-10-13 16:56:15
Share with:

ජාත්‍යන්තර හා පෞද්ගලික පාසල් ශ්‍රේණිගත කිරීම කඩිනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනී.

ඒ සමාගම් පනත යටතේ ලියාපදිංචි කර තිබෙන සියලු ජාත්‍යන්තර හා පෞද්ගලික පාසල්  ඊට අයත් වෙයි.ඒ අනුව නිර්ණායක හතක් යටතේ මෙම පාසල් ශ්‍රේණිගත කිරීමට අදාළ ප්‍රතිපත්ති රාමුව ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවෙන් මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශයට භාර දී තිබේ.පරිපාලනය හා කළමනාකරණය, දරුවන් වෙනුවෙන් වන පහසුකම් හා ඉගෙනුම් පරිසරය, විෂය මාලා කළමනාකරණය, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය, තක්සේරුකරණය හා ඇගයීම්, පාසල සමග මව්පියන් ඇතුළු ප්‍රජාවගේ සම්බන්ධතාව සහ සෞඛ්‍ය ක්‍රියාවලිය එම නිර්ණායක වේ.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම