චීන අග්‍රාමාත්‍ය ලිං ච්‍යං මහතා ලාඕස අග්‍රාමාත්‍ය Sonexay Siphandone මහතා හමු වෙයි. එම හමුව අද (12) ලාඕස අග්‍රාමාත්‍ය මන්දිරයේදී පැවැත්විණ.
පොදු ඉරණමක් සහිත චීන-ලාඕස හවුල තව තවත් ශක්තිමත් වෙමින් පවතින බව ලි ච්‍යං මහතා එහිදී කියා සිටියේ ය. ලාඕසය සමග උපාය මාර්ගික වශයෙන් වඩාත් සම්බන්ධ වී සංස්කෘතික, සංචාරක, අධ්‍යාපන, සෞඛ්‍ය, අධ්‍යාපන මෙන් ම නව බලශක්ති, ඉහළ තලයේ නිෂ්පාදන කර්මාන්තය, ඩිජිටල් ආර්ථිකය, කෘත්‍රිම බුද්ධිය ඇතුළු ක්ෂේත්රවල සහයෝගිතා හා හුවමාරු තහවුරු කිරීමට චීනය කැමැත්තෙන් සිටී. එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ආසියාන් සංවිධානය ඇතුළු බහුපාර්ශ්වික යාන්ත්‍රණ යටතේ ලාඕසය සමග සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව ද චීන අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
චීනය ලද දැවැන්ත සංවර්ධන ජයග්‍රහණ අගය කරමින් Sonexay Siphandone මහතා චීනය දිගුකාලීන ව ලාඕසයට ලබාදුන් සහායන් පිළිබඳ ස්තුතිය පළ කළේ ය. දෙරටේ නායකයන් එළඹි එකඟතාවන් අනුව විවිධ මට්ටමේ හුවමාරු ශක්තිමත් කරමින් පොදු ඉරණමක් සහිත ලාඕස-චීන හවුල සංවර්ධනය ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වන බව ඔහු පැවසීය. ජාත්‍යන්තර හා කලාපීය කටයුතුවලදී චීනය සමග එක්ව කටයුතු කරමින් පොදු ඉරණමක් සහිත ලාඕස-චීන හවුල තව තවත් ඉහළ තලයට ගෙන යාමට අපේක්ෂා කරන බව ද ලාඕස අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.