චීන උප ජනාධිපතිවරයා හා කොලොම්බියා විදේශ ඇමතිවරයා අතර හමුවක්
2024-10-12 17:11:37
Share with:

චීන උප ජනාධිපති Han Zheng මහතා හා කොලොම්බියා විදේශ ඇමති Luis Gilberto Murillo මහතා හමු වෙති. එම හමුව අද(12) ‍බෙයිජිංහිදී පැවැත්විණ.

රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ගෙඩනගා වසර 44 තුළ චීන කොලොම්බියා සබඳතාව තිරසරව යහපත් සංවර්ධන ප්‍රවණතාවක්  පවත්වා ගෙන ගොස් ඇති බව Han Zheng මහතා එහිදී පැවසීය. පසුගිය වසරේ ඔක්තෝබර් මස චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හා කොලොම්බියා ජනාධිපති Gustavo Petro මහතා ඒකාබද්ධව ප්‍රකාශ කළේ චීනය හා කොලොම්බියාව උපායමාර්ගික හවුල්කාරී සබඳතාව ගොඩනගන බවයි. දෙරටේ නායකයන්ගේ වැදගත් එකඟතාවන් ක්‍රියාවට නංවිමන් ‍අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය ගැඹුරු කිරීම හා එකිනෙකාට සහාය ලබාදීම දෙපාර්ශ්වය සිදු කළ යුතු බව Han Zheng මහතා කියා සිටියේය. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙලට කොලොම්බියාව එක්වීම චීනය පිළි ගනී. කොලොම්බියාව සමග බහුපාර්ශ්වික සහයෝගිතා ශක්තිමත් කරමින් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීමට චීනය කැමැත්තෙන් සිටින බව හෙතෙම අවධාරණය කළේය.

දෙරටේ නායකයන්ගේ ප්‍රධානත්වය යටතේ දෙරටේ සබඳතාව නව මට්ටමකට පැමිණ ඇති බව Luis Gilberto Murillo මහතා එහිදී කීය. එකම චීනය මූලධර්මය අනුගමනය කරමින් එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙලට සක්‍රිය ලෙස එක් වී දෙරටේ විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා ගැඹුරු කිරීම කොලොම්බියාව සිදු කරනු ඇත. පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ඒකාබද්ධව ගොඩනැගීමට එකඟ වෙමින් ගෝලීය දකුණ සමග ජාත්‍යන්තර සාධාරණත්වය හා යුක්තිය රැකගැනීමට කොලොම්බියාව කැමැත්තෙන් සිටින බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම