රජයේ ආයතන මගින් සංවිධාන කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ද අමාත්‍යවරුන් වෙනුවෙන් අදාල අමාත්‍යාංශයෙන් ද පූර්ව අවසරයක් ලිඛිතව ලබාගත යුතු බව අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා නිවේදනය කරයි.
සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්,පළාත් ප්‍රධාන ලේකම්වරුන්,දෙපාර්තමේන්තු ප්‍රධානීන්,රජයේ සංස්ථා, මණ්ඩල ඇතුළු ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් සහ රජය සතු සමාගම් ප්‍රධානීන් වෙත අග්‍රාමාත්‍ය ලේකම්වරයා අදාල දැනුම් දීම සිදු කර ඇත.
රජයේ ආයතන විසින් රජයේ අරමුදල් යොදා ගනිමින් සංවිධානය කරනු ලබන විවිධ උත්සව, වැඩසටහන් ඇතුළු සියලු කාර්යයන් රජයේ ප්‍රතිපත්තීන්ට හා ඉදිරි දැක්මට අනුකූල විය යුතු බවද අග්‍රාමාත්‍ය ලේකම්වරයා සිදුකළ දැනුම්දීමේ දැක්වේ.