Boeing සමාගම ලොව පුරා ශ්‍රම බලකායෙන් 10% ක් ඉවත් කිරීමට පියවර ගනී
2024-10-12 10:48:16
Share with:
ඇමරිකාවේ Boeing සමාගම ලොව පුරා ශ්‍රම බලකායෙන් 10% ක් ඉවත් කිරීමට සැලසුම් කරයි.
ඒ අනුව ලොව පුරා රැකියා 17,000 ක් අඩු කිරීමට පියවර ගන්නා බව Boeing සමාගම ඊයේ (11) ප්‍රකාශ කළේය.
සමාගමේ කාර්මික ශිල්පීන්ගේ වැඩවර්ජනය හේතුවෙන් එහි දුෂ්කරතා තවදුරටත් උග්‍ර වී ඇති අතර, ව්‍යාපාරයට විශාල පාඩුවක් සිදුවනු ඇති බව ද එම සමාගම ප්‍රකාශ කර ඇත.
නව 777X ගුවන් යානා නිෂ්පාදනය පෙර නියමිත පරිදි 2025 වසර වෙනුවට 2026 වසර දක්වා කල් දැමීමට එම සමාගම තීරණය කර තිබේ. ඒ අතරම, දැනට පවතින ඇණවුම් සම්පූර්ණ කිරීමෙන් පසු 2027 දී 767 භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා නිෂ්පාදනය නවත්වනු ඇතැයි Boeing සමාගම ප්‍රකාශ කළේය.