චීන ජාතිකයින් පිරිසක් පාකිස්ථානයේ දී ජීවිතක්ෂයට පත් වීම හේතුකොට අන්තර් දෙපාර්තමේන්තු ක්‍රියාකාරී කණ්ඩායමක් වහාම එරටට පිටත් කිරීමට චීනය කටයුතු කරයි.
පසුගිය 6වැනිදා පාකිස්ථානයේ කාසිම් ගල් අඟුරු බලාගාර රථ පෙළට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව සොයා බැලීම එහි අරමුණ බව විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා ඊයේ (11) පැවසීය.
එම ක්‍රියාකාරී කණ්ඩායම පසුගිය 8වැනිදා ඉස්ලාමාබාද් වෙත පැමිණි පසු, පාකිස්ථානයේ චීන තානාපති කාර්යාලය සහ අදාළ ව්‍යවසායන් සමඟ එක්ව සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් හදිසි ප්‍රතිචාරයක් ලබා දී තිබේ.
තුවාලකරුවන්ට කඩිනම් ප්‍රතිකාර ලබා දෙන ලෙස සහ සිද්ධියේ සත්‍යතාව තරයේ විමර්ශනය කොට අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට මෙන්ම ඔවුන්ට දඬුවම් ලබා දෙන ලෙස ක්‍රියාකාරී කණ්ඩායම පාකිස්ථානයෙන් ඉල්ලා සිටින බව ප්‍රකාශකයා පැවසීය. පාකිස්ථානයේ චීන ජාතිකයන්ගේ, ආයතනවල සහ ව්‍යාපෘතිවල ආරක්ෂාව සහතික කිරීම සඳහා දැඩි ආරක්ෂක පියවරයන් අනුගමනය කිරීමේ අවශ්‍යතාවය ද ඔවුන් පෙන්වා දෙයි.
පාකිස්ථානය ත්‍රස්ත ප්‍රහාරය තරයේ හෙළා දකින බව ප්‍රකාශ කර ඇති අතර, පුළුල් පසු විපරම් ක්‍රියාමාර්ග ගෙන, සිද්ධිය විමර්ශනය කර තිබේ. පාකිස්ථානය තුළ චීනයේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට සෑම උත්සාහයක්ම දරන බව ද සඳහන් කර ඇත.
චීන ක්‍රියාකාරී කණ්ඩායම පාකිස්ථානයේ දී, මියගිය ස්වදේශිකයන්ට ශෝකය ප්‍රකාශ කර ඇති අතර රෝහල්ගතවූවන්ගේ සහ ව්‍යාපෘති කඳවුරේ සමාගම් සේවකයින්ගේ දුක සැප විමසා බැලීමට කටයුතු කර ඇත.