ඊශ්‍රායලය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවන බව නිකරගුවා රජය ඊයේ(11) නිවේදනය කළේ ය.
ඊශ්‍රායල රජය මෙහෙයවන අඛණ්ඩ ජන සංහාරය සහ රජයේ අතිශය කුරිරු ක්‍රියා හා ද්වේශ සහගත ක්‍රියාකලාපය හෙළා දකිමින් නිකරගුවා ජාතික සභාව එදිනම යෝජනාවක් සම්මත කර තිබේ. එක්සත් ජාතීන්ගේ යෝජනා අනුගමනය කර නිදහස්, ස්වෛරී, ස්වාධීන පලස්තීන රාජ්‍යයක් පිහිටුවීම ප්‍රවර්ධනය කරන ලෙස නිකරගුවාව ඊශ්‍රායලයෙන් නැවතත් ඉල්ලා සිටින බව එම නිවේදනයේ සඳහන් වේ.
පලස්තීන ජනතාවට හා රජයට සදාකාලිකව සහාය දීම, ජාත්‍යන්තර නීති සහ විවිධ රටවල් සහ රජයන් අතර සබඳතා නියාමනය කරන සම්මුතීන් දැඩි ලෙස පිළිපැදීමේ අරමුණින් නිකරගුවා රජය ඊශ්‍රායල රජය සමඟ ඇති සියලුම රාජ්‍යතාන්ත්‍රික සබඳතා අත්හිටුවන බව ද එම නිවේදනය සඳහන් වේ.