චීනය සහ ජර්මනිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 52 වන සංවත්සරය ඊයේ(11) දිනට යෙදිණ. චීන මාධ්‍ය සමූහයේ ප්‍රමූඛත්වයෙන්, චීනය සහ ජර්මනිය අතර පූර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයේ 10වන සංවත්සරය සඳහා මානව සංස්කෘතික ක්‍රියාකාරකම් Munich හිදී පැවැත්විණ.
චීන මාධ්‍ය සමූහයේ උප ප්‍රධානී Xing Bo මහත්මිය එහිදී පෙන්වා දුන්නේ, මෑතකදී අවසන් වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසිය, ලෝකයට චීන ලක්ෂණ සහිත නවීකරණ නව අවස්ථා ලබා දෙන අතර, චීන-ජර්මානු සබඳතාවල වර්ධනයට නව බලයක් ලබා දී ඇති බවයි. ජර්මනියේ ඒ ඒ ක්ෂේත්‍ර සමඟ එක්ව උත්සාහ දරමින්, චීන සහ ජර්මානු සංස්කෘතියේ සුන්දරත්වය බෙදා ගැනීමට රටවල් දෙකේ ප්‍රේක්ෂකයින්ට ඉඩ ලබා දෙන බව, ඇය සඳහන් කළා ය.
ජර්මනියේ චීන තානාපති කාර්යාලයේ නියෝජිත අමාත්‍ය, ජර්මනියේ Bavaria ප්‍රාන්තයේ හිටපු ආර්ථික, බලශක්ති හා තාක්ෂණ ඇමතිවරයා ඇතුළු චීන හා ජර්මානු දේශපාලන, ආර්ථික, සංස්කෘතික සහ මාධ්‍ය යන ක්ෂේත්‍රවල ආරාධිතයෝ 100 කට ආසන්න පිරිසක් මෙම උත්සවයට සහභාගී වූහ.