ඊශ්‍රායල හමුදා ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අන්තර්කාලීන හමුදා මූලස්ථානවලට එල්ල කළ ප්‍රහාර ජගත් ප්‍රජාව දැඩි ලෙස හෙළා දකියි.
ඊශ්‍රායලය ඊයේ(11) එම හමුදාවේ මුරකුටියකට එල්ල කරන ලද ප්‍රහාරයකින් ශ්‍රී ලංකා භටයෝ දෙදෙනෙක් තුවාල ලබා ලැබූහ.
ජගත් ප්‍රජාව ඊශ්‍රායලයේ එම ක්‍රියාව දැඩි ලෙස හෙළා දකිමින් එය පිළි ගත නොහැකි මෙන්ම ජාත්‍යන්තර නීතිවලට පටහැනි ක්‍රියාවක් බව පවසා තිබේ.
චීනය ඒ සම්බන්ධයෙන් තරයේ අවධානය යොමු කරන අතර එය දැඩි ලෙස හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමකදී පැවසීය. ගැටුම්වලට ලක් විවිධ පාර්ශ්ව, ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අන්තර්කාලීන හමුදාව ඇතුළු සමස්ත එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලයේ මෙන්ම දේපළවල ආරක්ෂාව ප්‍රායෝගිකව සහතික කළ යුතු යැයි චීන පාර්ශ්වය යළි ප්‍රකාශ කරන බව හෙතෙම අවධාරණය කළේය.