Taye Atske-Selasie මහතා ඉතියෝපියා ජනාධිපති ධුරයට පත්වීම පිළිබඳ චීන ජනපතිගෙන් සුභපැතුම්
2024-10-12 18:49:03
Share with:

Taye Atske-Selasie මහතා ඉතියෝපියා ජනාධිපති ධුරයට පත්වීම පිළිබඳ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සුභපැතුම් පණිවුඩය පිරිනමයි.

මෑත වසර කිහිපය තුළ චීන ඉතියෝපියා සබඳතාව වේගවත්ව වර්ධනය වෙමින් දෙරටේ අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය ගැඹුරු කර විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතාවන්හි සරු ප්‍රතිඵල ලබා ගෙන ඇති බව ෂී ජින්පිං මහතා එම සුභපැතුම් පණිවුඩයේ සඳහන් කළේය. ෂී ජින්පිං මහතා දෙරටේ සබඳතා වර්ධනය ඉහළින් අගය කරයි. Taye Atske-Selasie මහතා සමග 2024 වසරේ චීන අප්‍රිකා සහයෝගිතා සංසදයේ බෙයිජිං සමුළුවේදි ප්‍රතිඵල ක්‍රියාවට නැංවීම මත චීන ඉතියෝපියා අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සබඳතා වර්ධනය ප්‍රවර්ධනය කරමින් වඩාත් යහපත් ලෙස දෙරටේ ජනතාවගේ සුභසෙත සැලසීමට හැකිවෙතැයි ෂී ජින්පිං මහතා අපේක්ෂා පළ කරයි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම