ඉහළ මට්ටමේ පොදු ඉරණමක් සහිත චීන-ලාඕස ප්‍රජාවක් ගොඩනැඟීම සඳහා ලාඕසය සමග එක්වීමට සූදානම් බව චීන අගමැති පවසයි
2024-10-12 10:15:21
Share with:

දෙපාර්ශ්වයට වැඩි ප්‍රතිලාභ හිමිවන ඉහළ ප්‍රමිතීන්, උසස් තත්ත්වයේ සහ ඉහළ මට්ටමේ හවුල් අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැඟීමට චීනය ලාඕසය සමග එක්ව වැඩ කිරීමට සූදානම් බව චීන අගමැති Li Qiang මහතා පවසයි.

ලාඕස මහජන විප්ලවවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම් සහ ජනාධිපති Thongloun Sisoulith මහතා සමග ඊයේ (11) Vientiane හිදී පැවති හමුවේ දී හෙතෙම මේ බව පැවසීය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් සහ ජනාධිපති ෂී ජින්පිං මහතාගේ සුහද සුබපැතුම් ලාඕස ජනාධිපතිවරයා වෙත පිරිනැමූ Li Qiang මහතා නැගෙනහිර ආසි‍යාවේ සහයෝගතාව පිළිබඳ නායකයින්ගේ රැස්වීම් මාලාව සාර්ථකව පැවැත්වීම පිළිබඳව ලාඕසය වෙත සුබ පැතුම් පිරිනැමීය.

චීනය සහ ලාඕසය සමාජවාදී සොහොයුරන් වන අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමෙන් පසු ගත වූ වසර 60 තුළ දේපාර්ශ්වයේ සබඳතා ජාත්‍යන්තර භූ දර්ශනයේ වෙනස්කම්වල පරීක්ෂණයට ඔරොත්තු දෙමින් නව ජීව ශක්තියක් පෙන්නුම් කර ඇතැයි Li Qiang මහතා පැවසීය.

දෙරටේ නායකයින් සමීප උපායමාර්ගික සන්නිවේදනයක් පවත්වා ඇති අතර චීනය සැමවිටම තම අසල්වැසි ලාඕස‍ය සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව විශේෂ සහ වැදගත් කොට සලකයි. දෙපාර්ශ්වයේ උපායමාර්ගික මාර්ගෝපදේශ අනුගමනය කිරීමට මෙන්ම දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය ගැඹුරු කරමින් දෙරටට ප්‍රතිලාභ හිමි වන සහයෝගතාව ශක්තිමත් කිරීමට ලාඕසය සමග කටයුතු කිරීමට චීනය සූදානමින් සිටී.

චීනය සමාජවාදී මාවතක් අනුගමනය කිරීමේ දී ලාඕසයට දැඩි ලෙස සහාය දෙන අතර එකිනෙකාගේ මූලික අවශ්‍යතා, උත්සුකයන් සහ ප්‍රධාන අවශ්‍යතා සම්බන්ධ ගැටලුවලදී එකිනෙකාට ස්ථිරව සහාය දැක්වීමට සූදානම් බව Li Qiang මහතා සඳහන් කළේය.

හවුල් අනාගතයක් සහිත චීන-ලාඕස ප්‍රජාවක් ගොඩනැඟීම සඳහා වන නව ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම වේගවත් කරන ලෙසත් එක් තීරයක් එක් මාවතක් මුලපිරීම අඛණ්ඩව ප්‍රවර්ධනය කරන ලෙසත් ඔහු දෙපාර්ශ්වයෙන් ඉල්ලා සිටී.

චීනය සහ ලාඕසය වෙළඳාම, ආයෝජනය, නිෂ්පාදන ධාරිතාව, විදුලිය, ඛණිජ සහ අනෙකුත් ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගතාව වැඩි දියුණු කළ යුතු අතර චීන-ලාඕස දුම්රිය මාර්ගයේ විභවයන් පුළුල් කළ යුතුය. එමෙන්ම සංස්කෘතිය, සංචාරක, අධ්‍යාපනය සහ පිරිස් හුවමාරුව පුළුල් කිරීමට චීනය සූදානම් බවත් Li Qiang මහතා පැවසීය.

සිය අවංක සුබ පැතුම් ෂී ජින්පිං මහතා වෙත පිරිනමන ලෙස ඉල්ලා සිටි ලාඕස ජනාධිපති Thongloun Sisoulith මහතා පැවසුවේ චීන කොමියුනිස්ට් පක්ෂයේ සහ චීන ජනාධිපතිවරයාගේ ශක්තිමත් නායකත්වය යටතේ චීනයේ ඓතිහාසික සංවර්ධන ජයග්‍රහණ සහ ජාත්‍යන්තර වශයෙන් නැඟී ඒම පිළිබඳව ප්‍රශංසා කරන බවයි.

එකම චීනය මූලධර්මය දැඩිව අනුගමනය කරන ලාඕසය තායිවානය, ෂින්ජියැන් සහ හොංකොං සම්බන්ධයෙන් චීනයේ මූලික අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සඳහා ස්ථිර සහයෝගය ලබා දෙන බව ද හෙතෙම පැවසීය.

චීනය සමග ඉහළ මට්ටමේ හුවමාරු තවදුරටත් ශක්තිමත් කිරීමටත්, එක් තීරයක් එක් මාවතක් සමග ලාඕසයේ ජාතික සංවර්ධන උපායමාර්ග පෙළගැස්වීම ශක්තිමත් කිරීමටත් ලාඕසය කැප වනු ඇත. ලාඕස-චීන දුම්රිය වැනි ක්ෂේත්‍රවල සහයෝගතාව ඉදිරියට ගෙන යාමට මෙන්ම පිරිස් හුවමාරුව ගැඹුරු කරමින් දෙරට හවුල් අනාගතයක් සමඟ ඉහළ මට්ටමේ ප්‍රතිලාභ දෙරටට අත්කර දීම සඳහා අඛණ්ඩව කටයුතු කිරීමට ලාඕසය සූදානම් බව ද Thongloun Sisoulith මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම