ඊශ්‍රායල හමුදා ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අන්තර්කාලීන හමුදා මූලස්ථානවලට ප්‍රහාර කිරීම පිළිබඳව චීනයේ දැඩි අප්‍රසාදය
2024-10-11 18:51:17
Share with:

ඊශ්‍රායල හමුදා ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අන්තර්කාලීන හමුදා මූලස්ථානවලට ප්‍රහාර කිරීම පිළිබඳව චීනය අප්‍රසාදය පළ කරයි. එම ප්‍රහාරවලින් එක්සත් ජාතීන්ගේ අන්තර්කාලීන හමුදා භටයන් තුවාල ලැබූ බව වාර්තා වෙයි. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මෞ නිං මහත්මිය අද (11) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී ඊශ්‍රායලයේ මෙම ක්‍රියාකලාපය තරයේ හෙළා දකින බව ප්‍රකාශ කළා ය. එක්සත් ජාතීන්ගේ සාම සාධක භට පිරිස්වලට හිතා මතා ප්‍රහාර එල්ල කිරීම ජගත් මානුෂීය නීතිය හා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 1701වැනි තීරණය දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බව ඇය එහිදී පෙන්වා දුන්නා ය. එවන් ක්‍රියා වහාම නතර කළ යුතු ය. සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් පවත්වමින් අදාළ පුද්ගලයන්ට දඬුවම් දෙන ලෙස ඇය ඉල්ලීමක් ද කළා ය.

ඊශ්‍රායල-ලෙබනන ගැටුමට අදාළ සියලු පාර්ශ්වයන් ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සේවකයන් හා දේපළ නිසි ලෙස ආරක්ෂා කළ යුතු බවත්, විශේෂයෙන් ඊශ්‍රායලය කඩිනමින් පියවර ගනිමින් උග්‍ර වෙමින් පවතින තත්ත්වය සමනය කළ යුතු බවත්, චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම