චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා කාම්බෝජ අග්‍රාමාත්‍ය Hun Manet මහතා හමුවෙයි. එම හමුව ඊයේ (10) ලාඕසයේ Vientiane හි පැවති නැගෙනහිර ආසියා සහයෝගිතා පිළිබඳ නායකයන්ගේ සමුළු මාලාව අතරතුරදී පැවැත්විණ.
“එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැගීම සහ කාම්බෝජයේ “පංචවිධ උපායමාර්ගය” ඒකාබද්ධ කිරීම වේගවත් කිරීම සඳහා කාම්බෝජය සමග කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව Li Qiang මහතා එහිදී පෙන්වා දුන්නේය. එමෙන්ම පොදු ඉරණමක් සහිත චීන-කාම්බෝජ ප්‍රජා ක්‍රියා සැලැස්ම ක්‍රියාත්මක කිරීම, ප්‍රායෝගික සහයෝගීතාවයෙන් වඩාත් ගුණාත්මක ව්‍යාපෘති සිදු කිරීම සහ අන්‍යෝන්‍ය ජයග්‍රාහී ප්‍රතිලාභ හිමි කර ගැනීම සඳහා කාම්බෝජය සමග එක්ව කටයුතු කිරීමට චීනය අපේක්ෂා කරන බව ද හෙතෙම පැවසීය.
මේ අතර කාම්බෝජයේ ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා චීනය දීර්ඝ කාලයක් තිස්සේ ලබා දෙන වටිනා සහයෝගය වෙනුවෙන් Hun Manet මහතා සිය කෘතඥතාව පළ කළේය. කාම්බෝජය චීනය කෙරෙහි මිත්‍රශීලී ප්‍රතිපත්තීන් තරයේ අනුගමනය කරන අතර එකම චීනය යන මූලධර්මය ද දැඩිව පිළිගනු ඇත. කෘෂිකර්මය, බලශක්තිය, ආයෝජනය, යටිතල පහසුකම් ඉදිකිරීම්, මානව ශාස්ත්‍ර, සංචාරක සහ වෙනත් ක්ෂේත්‍රවල චීනය සමග සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කාම්බෝජය කැමැත්තෙන් සිටින බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත.