දිවයිනේ බොහෝ ප්රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්රික්ක 10 ක ප්රාදේශීය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.
නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයට අනුව බදුල්ල දිස්ත්රික්කයේ ඇල්ල , හාලිඇල සහ පස්සර යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති අතර කොළඹ දිස්ත්රික්කයේ සීතාවක ප්රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා නිකුත් කර ඇත්තේ දෙවන මට්ටමේ නිවේදනයකි.
ගාල්ල දිස්ත්රික්කයේ යක්කලමුල්ල සහ නියාගම යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද ඇල්පිටිය, බද්දේගම, නෙළුව සහ නාගොඩ යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.
ගම්පහ දිස්ත්රික්කයේ හා කෑගල්ල දිස්ත්රික්කයේ ප්රදේශ කිහිපයකට ද පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර තිබේ.
මාතර දිස්ත්රික්කයේ අකුරැස්ස ප්රාදේශිය ලේකම් කොට්ඨාසයට සහ නුවරඑළිය දිස්ත්රික්කයේ අඹගමුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර ඇත.