චීනයේ පූර්ණ එකමුතුව අනිවාර්යයෙන්ම සිදුවන සත්‍යයකි
2024-10-11 21:36:26
Share with:

චීන මහ ‍ගොඩබිම සහ තායිවානය එකිනෙකට අයිති නැති බව පසුගිය 10 වනදා තායිවාන පාලක Lai Ching-te ප්‍රකාශ කළේය. බෙදුම්වාදී අදහස් පතුරුවමින් තායිවාන සමුද්‍ර සන්ධි දෙපස අතර ගැටීම් ඇති කිරීමට ඔහු උත්සාහ දරා තිබේ. සිය දේශපාලන ප්‍රතිලාභය වෙනුවෙන් තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය හා ස්ථාවරත්වය විනාශ කිරීමේ ඔහුගේ අරමුණ ඉන් පැහැදිලි ය.

ජපානය විසින් සොරකම් කරන ලද චීන භූමිය වන තායිවානය නැවත චීනයට ලබා දිය යුතු බව 1943 වසරේ කයිරෝ ප්‍රකාශනය සහ 1945 වසරේ පොට්ස්ඩෑම් ප්‍රකාශය මගින් පැහැදිලිවම නියම කර ඇත. මෙය පශ්චාත් දෙවන ලෝක යුධ සමයේ ජාත්‍යන්තර පටිපාටියේ වැදගත් කොටසක් වන අතර තායිවානය චීනයෙන් වෙන් කළ නොහැකි භූමි ප්‍රදේශයක් බවට නීතිමය පදනම ද සකස් කර තිබේ.

වසර 53ට පෙර 26 වන එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනය 2758 වැනි තීරණය අතිමහත් බහුතරයකින් සම්මත කර තිබේ. එම තීරණයට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන මහජන සමූහාණ්ඩුවට හිමි සියලුම අයිතීන් නැවත ස්ථාපිත කිරීමට තීරණය කර ඇති අතර චීන මහජන සමූහාණ්ඩු රජයේ නියෝජිතයන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ එකම නීත්‍යානුකූල නියෝජිතයන් බව පිළි ගෙන තිබේ. එමෙන්ම තායිවාන ප්‍රදේශයේ නියෝජිතයන් වහාම එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ එහි සියලුම ආයතනවලින් නෙරපා තිබේ. "චීන දෙකක්", "එක් චීනයක්, එක් තායිවානයක්" නොමැති බව මෙම තීරණයෙන් පැහැදිලි විය.

තායිවානය බෙදීම පිළිබඳ Lai Ching-te වැනි පුද්ගලයන්ගේ ආමන්ත්‍රණයන් අනිවාර්යෙන්ම පරාජයට පත්වනු ඇත. චීනය නිසැකව සම්පූර්ණයෙන්ම එකමුතු වනු ඇත. එය කිසිවකුට, කිසිදු බලවේගයකට නතර කළ නොහැකි ඓතිහාසික ප්‍රවණතාවකි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම