චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා හා යුරෝපා කවුන්සිලයේ සභාපති Charles Michel මහතා හමුවෙයි. ලාඕසයේ Vientiane නුවර පැවැත්වෙන නැගෙනහිර ආසියානු සහයෝගිතා නායක සමුළු මාලාව අතරතුර මෙම හමුව සිදුවිය.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා යුරෝපා සංගම් නායකයන් හමුවීමෙන් පසු, චීනය සහ යුරෝපා සංගමය සමීප ඉහළ මට්ටමේ හුවමාරුවක් පවත්වාගෙන යන අතර, ඒ ඒ ක්ෂේත්‍රවල සංවාද සහ සහයෝගීතා අඛණ්ඩව ප්‍රවර්ධනය කරන බව, Li Qiang මහතා සඳහන් කළේ ය. ලබන වසර චීනය සහ යුරෝපා සංගමය අතර රාජ්‍ය තන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත කිරීමේ 50වැනි සංවත්සරයයි. මෙය අවස්ථාවක් ලෙස ගෙන, යුරෝපා සංගමය සමඟ, චීන-යුරෝපා සබඳතාවල ස්ථාවර හා සංවර්ධන තවදුරටත් තහවුරු කිරීමට චීනය කැමැත්තෙන් සිටී. එසේම යුරෝපා සංගමය සමඟ, උපායමාර්ගික අන්‍යෝන්‍ය විශ්වාසය වැඩි දියුණු කිරීමට සහ අන්‍යෝන්‍ය යහපත් සහයෝගීතා ශක්තිමත් කිරීමට ද, චීනය කැමැත්තෙන් සිටින බව, චීන අග්‍රාමාත්‍යවරයා පැවසීය. යුරෝපා සංගමයේ අදාළ ආයතන චීනයේ සංවර්ධනය නිවැරදිව සැලකීමට මෙන්ම, චීනය කෙරෙහි පරමාර්ථවාදී සහ තාර්කික ප්‍රතිපත්ති සකස් කරනු ඇතැයි , චීනය බලාපොරොත්තු වන බව ද, Li Qiang මහතා අවධාරණය කළේ ය.
මෑත වසරවල චීනය ලබා ගත් සංවර්ධන ජයග්‍රහණ යුරෝපීය පාර්ශ්වය ධනාත්මකව අගය කරන බව, Charles Michel මහතා පෙන්වා දුන්නේ ය. චීනය සමග පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වයට යුරෝපා සංගමය විශාල වැදගත්කමක් ලබා දෙයි. චීනය සමඟ ආර්ථික හා වෙළඳ සබඳතා වර්ධනය කිරීම සඳහා, සංවාද හා සාකච්ඡා මගින් අදාළ ගැටළු විසඳීමට යුරෝපා සංගමය බලාපොරොත්තු වේ. ජාත්‍යන්තර බහුපාර්ශ්වික කටයුතු වලදී චීනය සමග සන්නිවේදනය හා සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට මෙන්ම, දේශගුණික විපර්යාස වැනි ගෝලීය අභියෝගවලට ඒකාබද්ධව මුහුණ දීමට ද, යුරෝපා සංගමය කැමැත්තෙන් සිටින බව, Charles Michel මහතා සඳහන් කළේ ය.