මියන්මාර රජය සහ සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය මගින් පහසුකම් සපයන මියන්මාරයේ මයිවාඩි ප්‍රදේශයේ සයිබර් අපරාධ මධ්‍යස්ථානවල තවමත් රඳවා සිටින අතිරේක ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීම සඳහා තායින්ලන්ත රජයේ සහය ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය තායිලන්ත රජයෙන් ඉල්ලීමක් කරයි.
තායිලන්ත තානාපති, පයිටූන් මහපන්නපෝන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර ඊයේ(10) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය මේ ඉල්ලීම සිදු කළාය.
සයිබර් අපරාධ මධ්‍යස්ථානවල සිටි ශ්‍රී ලාංකිකයන් 28 දෙනෙකු බේරා ගැනීමට තායිලන්තය රජය ලබා දුන් සහය පිළිබඳව සිය කෘතඥතාව පළ කළ අග්‍රාමාත්‍යවරිය, තවමත් එම මධ්‍යස්ථාන වල සිටින ශ්‍රී ලාංකිකයින් 40 දෙනා බේරා ගැනීම සඳහා අඛණ්ඩ සහයෝගය ඉල්ලා සිටියාය.