චීන ජනපති පිළිතුරු ලිපියකින් වැඩිහිටි ස්වේච්ඡා නියෝජිතයන් දිරිමත් කරයි
2024-10-10 16:22:23
Share with:

හෙටට (11) යෙදෙන ‍චීන සාම්ප්‍රදායික උත්සවයක් වන වැඩිහිටියන්ට ගරු කිරීමේ දිනය වෙනුවෙන්, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පිළිතුරු ලිපියක් මගින්, රට පුරා සිටින වැඩිහිටියන්ට අවංක සුබ පැතුම් පළ කරමින්, වැඩිහිටි ස්වේච්ඡා නියෝජිතයන් දිරිමත් කරයි. 

වැඩිහිටියන් පක්ෂයේත් රටේත් වටිනා සම්පත් බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේ ය. වසර ගණනාවක් පුරා, වැඩිහිටියන් ස්වේච්ඡා සේවා ක්‍රියාකාරකම් සඳහා ක්‍රියාකාරීව සහභාගී වී ඇති අතර, නව යුගයේ චීන වැඩිහිටියන්ගේ අධ්‍යාත්මික දැක්ම දැකගත හැකිය. සෑම මට්ටමේ පක්ෂ කමිටු සහ රජයන්, වියපත් සේවා වෙනුවෙන් විශාල වැදගත්කමක් ලබා දිය යුතු බවත්, වැඩිහිටියන්ගේ ජීවිත සහ අයිතිවාසිකම් මැනවින් ආරක්ෂා කිරීමට සහතික විය යුතු බවත්, චීන ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

"රිදී යුගයේ ක්‍රියාව " යනු 2003 දී වියපත්වීම පිළිබඳ ජාතික කමිටුව විසින් දියත් කරන ලද වැඩිහිටි ස්වේච්ඡා සේවා ක්‍රියාකාරකමකි. එහි ප්‍රධාන අරමුණ නොදියුණු ප්‍රදේශවලට සහාය වීම සඳහා විශ්‍රාමික විශේෂඥයින් සහ විවිධ ක්ෂේත්‍රවල විශ්‍රාමික මහාචාර්යවරුන් සංවිධාන කිරීමයි. මේ වන විට, චීනය පුරා "රිදී යුගයේ ක්‍රියාව" සඳහා වැඩිහිටි ස්වේච්ඡා සේවකයන් මිලියන 7 කට වැඩි පිරිසක් සහභාගී වී ඇති අතර, ආධාර ව්‍යාපෘති 4000කට වැඩි ප්‍රමාණයක් සිදු කර ඇත.

මෑතකදී, "රිදී යුගයේ ක්‍රියාව" වැඩසටහනට සම්බන්ධ වැඩිහිටි ස්වේච්ඡා සේවකයන්ගේ නියෝජිතයින් පිරිසක් ජනාධිපති ෂී ජින් පිං මහතා වෙත ලිපියක් යොමු කළේය. ඔවුහූ එම ලිපි‍‍ය මගින් සිය විශේෂඥ දැනුම අඛණ්ඩව භාවිත කිරීමට, සමාජයට යළි දායකවීම සහ චීන මාදිලියේ නවීකරණය ප්රවර්ධනය කිරීමට දායක වීමේ අධිෂ්ඨානය ප්‍රකාශ කළහ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම