චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, ටියුනීසියානු ජනාධිපති ධුරයට යළි තේරී පත්වූ Kais Saied මහතාට සුබ පැතුම් පිරිනමයි. එම පණිවුඩය ඊයේ (9) යොමු කර ඇත.
චීනය හා ටියුනීසියාව අතර ශක්තිමත් සාම්ප්‍රදායික මිත්‍රත්වයක් පවතී. මෑත වසර කිහිපයක් තුළ ඒකාබද්ධ නායකත්වය යටතේ, දෙරට සබඳතාව විධිමත් මෙන්ම ස්ථාවර ලෙස සංවර්ධනය වෙමින් පවතින අතර ඒ ඒ ක්ෂේත්‍රවල සහයෝගීතා මගින් ඵලදායී ජයග්‍රහණ ලබා ගත් බව ෂී ජින්පිං මහතා සිය පණිවිඩයෙන් සඳහන් කළේ ය. චීන-ටියුනීසියානු සබඳතාවේ සංවර්ධනය ඉතා වැදගත් කොට සලකන බවද හෙතෙම සඳහන් කළේය. දෙරට රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ 60 වන සංවත්සරය සමරන මේ වසරේ දී Kais Saied ජනාධිපතිවරයා සමග එක්ව, සමීප මිත්‍රත්වය අඛණ්ඩව පවත්වා ගනිමින් ඒ ඒ ක්ෂේත්‍රවල පවතින සහයෝගීතා ශක්තිමත් කර චීන-ටියුනීසියානු උපායමාර්ගික හවුල්කාරීත්වය ස්ථිරව ඉදිරියට ගෙන යාමට තමා කැමැත්තෙන් සිටින බවද ෂී ජින්පිං මහතා ප්‍රකාශ කර ඇත.