ආදායම් ඉපැයීම සහ මෙහෙයුම්වල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා වූ උපාය මාර්ගික සැලසුම් පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අවධානය යොමුව තිබේ.
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සමග පැවති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.
රජයේ පුළුල් ආර්ථික සහ නියාමන ප්‍රතිසංස්කරණවලට අදාළව මෙම දෙපාර්තමේන්තු දෙක තුළ ආදායම් ඉපැයීම සහ මෙහෙයුම්වල කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා වූ උපාය මාර්ගික සැලසුම් පිළිබඳ මෙහිදී සාකච්ඡා කර ඇති බව සඳහන්ය.
ආදායම් කළමනාකරණය සහ බදු එකතු කිරීමේ දී මුහුණපෑමට සිදුවන අභියෝග පිළිබඳවද එම දෙපාර්තමේන්තු දෙකෙහිම නිලධාරීන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනුවත් කර තිබේ.