තායිවාන ප්‍රශ්ණයේදී  “ද්විත්ව මුහුණු” ආකාරයකින් කටයුතු නොකරන ලෙසට චීනය ඇමරිකාවට අවධාරණය කරයි  
2024-10-09 18:40:48
Share with:

තායිවාන ප්‍රශ්ණයේදී “ද්විත්ව මුහුණු” ආකාරයකින් කටයුතු නොකරන ලෙසට චීන ජාතිකාරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශකයා ඇමරිකාවට අවධාරණය කරයි.තායිවානය සන්නද්ධ කිරීම නතර කරන ලෙසට ද හෙතෙම ඉල්ලා සිටී.

තායිවාන ප්‍රදේශයට ඇමරිකා ඩොලර් මිලියන 567ක හමුදා ආධාර සැපයීමට ඇමරිකාව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මාධ්‍ය නැගූ ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.එවැනි භාවිතයන් ඇමරිකාව නතර කළ යුතුය.දෙරටේ හා දෙරටේ හමුදා අතර සබඳතාවන්ට බාධා නොකළ යුතු අතර එය පීඩාවට පත් නොකළ යුතු බවද චීන ජාතිකාරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශකයා කියා සිටී.ඇමරිකාවේ ක්‍රියාවන් එකම චීනය ප්‍රතිපත්තිය සහ චීන ඇමරිකා ඒකාබද්ධ නිවේදන තුන බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි.එය චීන ස්වෛරීත්වය,ආරක්ෂක අභිලාෂයන් බරපතල ලෙස උල්ලංඝනය කිරීමක්  සහ තායිවාන සමුද්‍ර සන්ධි දෙපස සාමය හා ස්ථාවරභාවයට හානි සිදුකරන්නක් යැයිද හෙතෙම සඳහන් කරයි.මේ සම්බන්ධයෙන් චීනය ඇමරිකාවට දැඩි විරෝධය පළ කරයි.ගෙවුනු වසර කිහිපය පුරාවට ඇමරිකාව තායිවාන ස්වාධීනත්ව බලවේගයන්ට වැරදි සංඥා නිකුත් කළ අතර කලා‍පයේ තත්ත්වය උණුසුම් කිරීමට ක්‍රියා කර ඇතැයිද  ජාතිකාරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශකයා කීය. “තායිවාන ස්වාධීනත්වය ” යනු යුද්ධයක් ලෙසට හඳුන්වා දුන් හෙතෙම චීනය මැඩ පැවැත්වීමට තායිවානය යොදා ගැනීමේ උපක්‍රමයෙන් සිදු වන්න්නේ ස්වයං හානියක් පමණක් යැයි ද අවධාරණය කළේ ය.

 

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම