තම රටට දකුණින් පිහිටි දකුණු කොරියාව සමග දේශසීමා මායිම් සදාකාලිකව වසා දමන බවට උතුරු කොරියාවෙන් ප්‍රකාශයක්
2024-10-09 11:58:23
Share with:

තම රටට දකුණින් පිහිටි දකුණු කොරියාව සමග දේශසීමා මායිම් සදාකාලිකව වසා දමන බවට උතුරු කොරියාව ප්‍රකාශයට පත් කරයි. යුද්ධය මැඩපවත්වමින් සිය ජාතිකාරක්ෂාව සුරැකීම සඳහා යුදමය පියවර ක්‍රියාවට නංවන බව උතුරු කොරියාවේ හමුදා පාර්ශ්වය අද(09) නිවේදනයක් පළ කරමින් ප්‍රකාශ කර ඇත.

9 වැනිදා සිට දකුණු කොරියාව හා සම්බන්ධ වන දුම්රිය මාර්ග හා මහා මාර්ග සම්පූර්ණයෙන් ම වසා දමන බවත් ප්‍රතිප්‍රහාරක පහසුකම් ප්‍රතිසංස්කරණ කටයුතු ද සිදු කෙරෙන බවත් නිවේදනයේ දැක්වෙයි.

උතුරු කොරියාවේ දකුණු දේශසීමා මායිම්වලට යාබද ව පිහිටි දකුණු කොරියානු භූමියේ වරින් වර ආක්‍රමණශීලී යුද අභ්‍යාස සිදු කර ඇති අතර, එහි ප්‍රබලතාව තවදුරටත් උග්‍ර වී ඇතැයි එහි සඳහන් වේ. ඇමරිකාවේ න්‍යෂ්ටික වත්කම් නිරන්තරයෙන් දකුණු කොරියාවට යොමු කෙරෙන අතර උතුරු කොරියාවේ දේශපාලන බලය අවසන් කරන බවට ඇමරිකාවෙන් නිරතුරුව තර්ජන එල්ල වන බව ද  එම නිවේදනයේ දැක්වේ.

ගුවන් විදුලිය
20241103ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම