වැඩබලන පොලිස්පතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය
2024-10-09 17:04:59
Share with:

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කරයි.

වීරසූරිය මහතා එම ධූරයට පත් කිරීමට අදාළ ජනාධිපතිවරයාගේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරිණ.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව කතානායක මහින්ද යාපා  අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්  පාර්ලිමේන්තු සංකීර්ණයේදී  ඊයේ(8) සවස 2.00ට රැස්විය.

වැඩබලන පොලිස්පතිවරයා  දින 14කට වැඩි කාලයක් එම ධූරයේ කටයුතු කරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය  ලබාගත යුතුවේ.

පොලිස්පති දේශබන්දු දෙන්නකෝන් මහතාට  පොලිස්පති ධූරයේ කටයුතු කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැළැක්වීමෙන් පසු එම ධුරය පුරප්පාඩු විය.  අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත්කරනු ලැබීය.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම