චීන මාධ්‍ය සමූහයේ "බස් රථවලින් ගොස් චීන ටිබෙට් ස්වායත්තය නැරඹීම" නමැති මහා පරිමාණ ඒකාබද්ධ මාධ්‍ය උත්සවය අද(9) බෙයිජිං හිදී ආරම්භ විය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානී, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා, ටිබෙට් ස්වායත්තයේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ ප්‍රධානී Wang Haizhou මහතා, බෙයිජිං නාගරික මහලේකම් Zhao Lei මහතා ඇතුළු පිරිසක් ඊට එක් වූහ.
ටිබෙට් ස්වායත්ත පක්ෂ කමිටුවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුව, චීන මාධ්‍ය සමූහයේ ශ්‍රව්‍ය දෘශ්‍ය නව මාධ්‍ය මධ්‍යස්ථානය, CGTN, ටිබෙට් ස්වායත්තයේ සංස්කෘතික හා සංචාරක දෙපාර්තමේන්තුව යන ආයතන ඒකාබද්ධව මෙම මහා පරිමාණ මාධ්‍ය උත්සවය සංවිධාන කළේය.
මෙම උත්සවයෙන් ටිබෙටය සමඟ සමීප සබඳතාවක් ඇති අමුත්තන්ට වාර්තා කිරීමේ බලඇණියක් පිහිටුවීමට ආරාධනා කරනු ඇත. ඔක්තෝබර් 11 වැනිදා ආරම්භ වන මෙම උත්සවය, දින 14 ක් පුරා සජීවී විකාශන සහ වීඩියෝ දර්ශන මාලාවක් හරහා, ටිබෙටයේ සුන්දර ස්වභාවික දර්ශන, ඉතිහාසය සහ සංස්කෘතිය, ජාතික සිරිත් විරිත් සම්පූර්ණයෙන්ම ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කෙරෙනු ඇත. පළමු ඉසව්ව වන " ලෝකය පියස්ස” එවරස්ට් කවි ප්‍රසංගය ඔක්තෝබර් 11 වැනිදා පැවැත්වේ. මෙම ඉසව්ව සුන්දර නව සමාජවාදී නූතන ටිබෙටය ලොවට විදහා දැක්වීමට සංගීතය සහ කවිය භාවිත කරනු ඇත.