චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යංශයේ සාමාජික විදේශ ඇමති වං යී මහතා හා ජපාන නව විදේශ ඇමති Takeshi Iwaya මහතා දුරකථන සාකච්ඡාවක් පවත්වති. අද(9) පැවති එම සංවාදයේදී ජපාන චීන විස්තීරණ උපායමාර්ගික අන්‍යෝන්‍ය වාසි සබඳතාව ප්‍රවර්ධනය කරමින් ස්ථීර ද්විපාර්ශ්වික සබඳතාවක් ගොඩනැගීමට ජපාන නව කැබිනට් මණ්ඩලය කැමැත්තෙන් සිටින බව Takeshi Iwaya එහිදී පැවසීය. ජපානය හා චීනය අතර විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතාවන්හී දැවැන්ත විභවය ඇති අතර චීනය සමග විවිධ මට්ටමේ සංවාද ශක්තිමත් කිරීම, සාකච්ඡාවෙන් ප්‍රශ්න විසඳීම මගින් දෙරටේ ජනතාවට වඩාත් වැඩි සුභසෙත ගෙන ඒමට ජපානය කැමැත්තෙන් සිටින බව ද හෙතෙම කියා සිටියේය.
අන්‍යෝන්‍ය ප්‍රතිලාභී සහයෝගිතාව හා පොදු සංවර්ධනය, දෙරටේ ජනතාවගේ මූලික ප්‍රතිලාභයට ගැළපෙන බව වං යී මහතා එහිදී පැවසීය. දෙරටේ සබඳතා වර්ධනය කිරීමට ජපාන නව කැබිනට් මණ්ඩලය ක්‍රියා කරනු ඇතැයි වං යී මහතා අපේක්ෂා පළ කළේය. ජපානය වෙත චීනය අඛණ්ඩ මෙන්ම ස්ථීර ප්‍රතිපත්ති අනුගමනය කරමින් සිටී. චීන තායිවාන ප්‍රශ්නය අතින් ජපානය දේශපාලන පොරොන්දු හා එකම චීනය ප්‍රතිපත්තිය අනුගමනය කරමින් ද්විපාර්ශ්වික සබඳතා නිවැරදි මාර්ගයේ යහපත් ලෙස ගමන් කරනු ඇතැයි චීනය බලාපොරොත්තුවෙන් සිටින බව වං යී මහතා කියා සිටියේය.