ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මෙම වසර අගදී
2024-10-09 17:00:38
Share with:

යහපත් මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම නව රජයේ අරමුණ බව ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පිළිබඳ දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මෙවර පැවැත්වෙන්නේ වසර 6කට පසුවයි.

පුවත්පත්, ගුවන් විදුලි, රූපවාහිනී, වෙබ් අඩවි, මාධ්‍ය පර්යේෂණ සහ පාසල් මාධ්‍ය යන ක්ෂේත්‍ර සඳහා සම්මාන 50ක් පිරිනැමීම එහිදී සිදු කෙරේ.

මාධ්‍ය ක්ෂේත්‍රය උදෙසා සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ ප්‍රවීණයින් 4 දෙනෙකුට පිදෙන යාවජීව සම්මාන ඇතුළුව පිරිනැමෙන මුළු සම්මාන සංඛ්‍යාව 54කි.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම