පාකිස්ථානයේ කරච්චි නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය දැඩිව හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ (8) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. පසුගිය 6 වැනිදා කරච්චි නගරයේ ජින්නාර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආසන්නයේදී සිදු වූ මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් චීන ජාතිකයන් දෙදෙනෙකු සහ පාකිස්ථාන ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගොදුරු වූවන්ගේ පවුල්වලට සහ චීන සහ පාකිස්ථාන රජයන්ට සිය බලවත් සංවේගය සහ ශෝකය ප්‍රකාශ කළ අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළේය. සෑම ආකාරයකම ත්‍රස්තවාදය ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට බරපතල තර්ජනයක් බව ආරක්ෂක මණ්ඩලය යළි අවධාරණය කරයි.
ත්‍රස්තවාදී ප්‍රහාරවලට අපරාධකරුවන්, සංවිධායකයින්, මුදල් සපයන්නන් සහ ආධාරකරුවන් වගකිව යුතු අතර නීතිය ඉදිරියට ගෙන ආ යුතු බව ආරක්ෂක මණ්ඩලය අවධාරණය කළේය. ජාත්‍යන්තර නීතියට සහ ආරක්ෂක මණ්ඩලයේ අදාළ යෝජනාවලට අනුකූලව චීන සහ පාකිස්ථාන රජයන් සහ අනෙකුත් අදාළ ආයතන සමඟ ක්‍රියාකාරීව සහයෝගයෙන් කටයුතු කරන ලෙස ආරක්ෂක මණ්ඩලය සියලුම රටවලින් ඉල්ලා සිටී.