ගාසා තීරයේ සහ ලෙබනනයේ සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා ඉල්ලා සිටී.
හෙතෙම ඊයේ(8) නිව් යෝර්ක්හි පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.
වාර්තාවකට අනුව, නව වටයේ පලස්තීන-ඊශ්‍රායල් ගැටුම්වලින් 41000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් කාන්තාවන් සහ ළමයින් බවත් එවැනි මරණ සංඛ්‍යාවක් මෑත ගැටුම්වල නොදුටු බවත් ගුටරෙස් මහතා එහිදී කියා සිටියේය.
ලෙබනනයේ සම්පූර්ණ යුද්ධය ආරම්භ වීමට ආසන්න වුවද යුද්ධය නතර කිරීමට තවදුරටත් කාලය තිබෙන බවත් සමස්ත රටවල ස්වෛරීභාවයට හා භෞමික අඛණ්ඩතාවට ගරු කළ යුතු බවත් හෙතෙම පැවසීය.
මැදපෙරදිග ගැටුම් "පැයෙන් පැය වැඩිවේ". ගාසා තීරයේ සහ ලෙබනනයේ සටන් විරාමයක් වහාම ක්‍රියාත්මක කොට කොන්දේසි විරහිතව රැඳවියන් වහාම නිදහස් කරමින් හදිසි අවශ්‍යතා ඇති සියලු දෙනාට ජීවිතාරක්ෂක ආධාර වහාම ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත වරක් ඉල්ලා සිටී. ඊශ්‍රායලය සහ පලස්තීනය අතර “ද්වි-රාජ්‍ය විසඳුම”ට පැමිණීම ජගත් සංවිධානයේ ඉල්ලීමක් බව ගුටරෙස් මහතා පැවසීය.