සංවර්ධනය වෙමින් පවතින රටවල්ද සංවර්ධනයේ මාවතට ගැනීමට චීනය ලබා දුන් සහයෝගය පැසසිය යුතු කරුණක්
2024-10-09 15:21:24
Share with:

නව චීනය පිහිටුවා ගෙවුණු වසර 75ක කාලය තුළ චීන ජනතාවගේ ජන ජීවිතය නගා සිටුවීමට චීන කොමියුනිස්ට් පක්ෂය අනුගමනය කළ දිගු කාලීන සැලසුම් බලපා ඇතැයි ආර්ථික විශ්ලේෂක  දේශමාන්‍ය මහේෂ් රාජකරුණා මහතා පවසයි. 1949 වසරේ පැවති මට්ටම හා සැසඳීමේ දී 2024 වසර වන විට චීන ජාතිකයන් ගේ ඒක පුද්ගල ආදායමේ වර්ධනය කැපී පෙනේ. අන්ත දිළිඳුභාවය තුරන් කිරීමෙන් ලද ජයග්‍රහණ මේ ආකාරයට ඒක පුද්ගල ආදායමේ වර්ධනයට බලපා ඇති ප්‍රධාන සාධකයක් ලෙසට සැලකිය හැකිය. නව චීනය පිහිටුවීමේ සිට චීනය ක්‍රියාත්මක කළ පස් අවුරුදු සැලසුම් ක්‍රමය චීනයේ වේගවත් සංවර්ධන ගමනට බලපා තිබේ. විශේෂයෙන් දේශපාලන ස්ථාවරභාවය ආර්ථික සංවර්ධනයට අතිශයින් වැදගත්ය. වසර 75ක් පුරා එම දේශපාලන ස්ථාවරභාවය චීනයට ලබාදීමට චීන කොමියුනිස්ට් පක්ෂයට හැකිවිය. ජනතා කේන්ද්‍රගත සංවර්ධන ගමනක් තෝරා ගැනීම තුළ චීන කොමියුනිස්ට් පක්ෂය වෙත සමස්ත චීන ජනතාවගේම සහාය හිමවූ අතර එය වර්තමානයේ ලෝක භූමිකාව තුළ චීනයේ ස්ථානය තීරණය වීමට බලපෑ ප්‍රධාන සාධකයක් ලෙසට තමන් දකින බවද හෙතෙම කියා සිටී. චීනය ඉදිරියට යමින් සිටින අතරතුර සෙසු සංවර්ධනය වෙමින් පවතින රටවලටද සිය හැකි මට්ටමෙන් සහාය වූ අවස්ථා රාශියක් ද ‍මෙම දශක 7කට වැඩි කාලය තුළ දැකගත හැකිවිය. එය සංවර්ධනය වෙමින් පවතින රටක් තුළින් දැකිය හැකි දුර්ලබ හැසිරීමකි. තම සංවර්ධනය ගැනම පමණක් නොසලකා සෙසු සංවර්ධනය වෙමින් පවතින රටවල්ද සංවර්ධනයේ මාවතට ගැනීමට චීනය ලබා දුන් සහයෝගය පැසසිය යුතු කරුණක් බවද මහේෂ් රාජකරුණා මහතා කියා සිටී. චීනයේ මෙම ප්‍රතිපත්තිය ඉදිරියටත් අඛණ්ඩව පවතිනු ඇති බවට විශ්වාස කළ හැකිය.‍ ගෝලීය සංවර්ධන මුලපිරුම වැනි යෝජනා ඉදිරිපත් කිරීමෙන් චීනය එය පිළිබිඹූ කර ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම