චීන රතු කුරුස සමාජයේ 12 වැනි ජාතික නියෝජිත සම්මේලනය පැවැත්වීම වෙනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති, යුද කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතා සුභපැතුම් පණිවුඩය යොමු කරමින් චීන රතු කුරුස සමාජයේ සේවකයන්, සාමාජිකයන් හා ස්වේච්ඡා සේවකයන් වෙත සිය අවංක සැලකිල්ල දක්වයි.
චීන රතු කුරුස සමාජයේ 12 වැනි ජාතික නියෝජිත සම්මේලනය අද(9) බෙයිජිංහිදී ආරම්භ විය. එහිදී ෂී ජින්පිං මහතාගේ සුභපැතුම් පණිවුඩය ඉදිරිපත් කෙරිණ. චීන රතු කුරුස සමාජය යනු චීන කොමියුනිස්ට් පක්ෂය හා රජය මානවහිතවාදී ක්ෂේත්‍රයේ ජනතාව සමග බැඳෙන පාලමක් බව ෂී ජින්පිං මහතා එම පණිවුඩයේ සඳහන් කළේය. නව යුගයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ සමස්ත නායකත්වය අනුගමනය කරමින් චීන රතු කුරුස සමාජය මානවහිතවාදී සේවා හැකියාව දියුණු කිරීම හා ජාත්‍යන්තර මානවහිතවාදී කාර්යයට සක්‍රීය ලෙස සහභාගි වීම හා සහාය වීම සිදු කළ යුතු ය. රතු කුරුස සමාජය වෙත විවිධ මට්ටමේ රජයන් නායකත්වය හා සහාය ලබාදීම ශක්තිමත් කරමින් ඊට යහපත් පරිසරය නිර්මාණය කළ යුතු බව ෂී ජින්පිං මහතා අවධාරණය කළේය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යංශයේ සාමාජික උප අගමැති Liu Guozhong මහතා එහිදී දේශනයක් සිදු කරමින් පැවසුවේ චීන රතු කුරුස සමාජයේ 11 වැනි ජාතික සාමාජික නියෝජිත සම්මේලනයෙන් පසු ෂී ජින්පිං මහතා කේන්ද්‍ර කර ගත් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ නායකත්වය යටතේ රතු කුරුස සමාජය කැපී පෙනෙන ප්‍රතිඵල ලබා ගෙන ඇති බවයි. නව යුගයේ අධි ගුණාත්මක භාවයෙන් යුතු රතු කුරුස කාර්යයන් වර්ධනය කිරීම වෙනුවෙන් චීන රතු කුරුස සමාජය නව දායකත්වයන් දැරිය යුතු බව ද හෙතෙම අවධාරණය කළේය.
එම සම්මේලනයේදී රතු කුරුස සමාජයේ ප්‍රගතිශීලි කණ්ඩායම් 32ක් හා පුද්ගලයන් 10ක් වෙත සම්මාන පිරිනමා තිබේ.