චීන වෙළඳපොලේ අඛණ්ඩ ශඛ්‍යතාව ලෝක ආර්ථිකයට ප්‍රබල ශක්තියක්
2024-10-09 11:05:13
Share with:

ප්‍රතිපත්තිමය ප්‍රතිඵල අඛණ්ඩව පෙන්නුම් කිරීම හේතුවෙන් මෑතකදී චීන ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය ස්ථාවර ව පවතින අතර වෙළඳපොල අපේක්ෂාව ද සැලකිය යුතු ලෙස යහපත් වී තිබේ. මේ දිනවල, Goldman Sachs, UBS, Morgan Stanley ඇතුළු ආයෝජන බැංකු චීන වත්කම්හි ඉදිරිදැක්ම පිළිබඳව ධනාත්මකව ඇගයූ අතර ආයතන රැසක් චීන කොටස් ශ්‍රේණිගත කිරීම ඉහළ නංවා තිබේ.  

චීන ජාතික දින නිවාඩු කාලය තුළ පාරිභෝගිකයින්ගේ උනන්දුවද ඉස්මතුව තිබිණ. අදාළ දත්තවලට අනුව, පසුගිය ඔක්තෝබර් මස පළමු වැනිදා සිට 7 වැනිදා දක්වා චීනය තුළ සංචාරය කළ සමස්ත පුද්ගල වාර සංඛ්‍යාව බිලියන දෙකක් පමණ වූ අතර එය පසුගිය වසරේ සමාන කාල සීමාව හා සැසඳීමේදී සියයට 4.1ක වැඩි වීමකි. විවිධ ප්‍රදේශවල සංචාරකයින්ගේ සංඛ්‍යාව හා සංචාරක ආදායම් යන දෙඅංශයෙන්ම ඉහළම ඓතිහාසික අගයන් වාර්තා වේ. රට පුරා චිත්‍රපට ප්‍රවිශපත්‍ර ආදායම චීන යුආන් බිලියන 2.1ක් ඉක්මවා ගොස් ඇත.   

ජාතික දින නිවාඩු කාලය තුළ ක්‍රියාත්මක වූ ගෘහස්ථ විදුලි භාණ්ඩ මිලදී ගැනීමේ දීමනා ප්‍රතිපත්ති හේතුවෙන් චීන පාරිභෝගිකයෝ විශාල පිරිසක් අලුත් ගෘහස්ථ විදුලි භාණ්ඩ මිලදී ගැනීමට උනන්දුවෙන් සිටියහ. චීන විද්‍යුත් වාණිජ වේදිකාවක දත්තවලට අනුව, එම කාලයේදී ගෘහස්ථ විදුලි භාණ්ඩවල අලෙවිය පසුගිය වසරේ සමාන කාල සීමාවට වඩා සියයට 67කින් වැඩි විය.

චීන වෙළඳපොලෙන් වාර්තාවූ සක්‍රිය ප්‍රතිඵලයන්, විවිධ අංශවල කාර්යභාරයන්හි සාර්ථකත්වයේ පොදු පිළිබිඹුවකි. ජාතික දින නිවාඩු කාලයට පෙර, ව්‍යවස්ථාපිත තැන්පතු සංචිත අනුපාතය,පොලී අනුපාත සහ පවතින නිවාස ණය පොලී අනුපාත අඩු කිරීමේ ප්‍රතිපත්ති සහිත පැකේජයක් චීන රජය විසින් හඳුන්වා දී ඇත. එය වෙළඳපොලේ විශ්වාසය දැඩිව දිරිමත් කරමින් වෙළඳපොලේ සැඟවුණු හැකියාව නිදහස් කිරීමට හේතුව වී තිබේ. මේ අතර, ගෝලීය ප්‍රාග්ධනය චීන වත්කම් අඛණ්ඩව මිලදී ගැනීම තුළින් චීන ආර්ථික ප්‍රතිපත්ති හා ඉදිරිදැක්ම කෙරේ ඔවුන්ගේ ශුභවාදී සංකල්පය පිළිබිඹු වේ.

කෙසේ වුවද චීන ආර්ථිකයේ ස්ථාවර මූලිකත්වය, විශාල වෙළෙඳපොළ, ශක්තිමත් ඔරොත්තු දීමේ හැකියාව සහ විශාල සැඟවුණු හැකියාව නොවෙනස්ව පවතින බව පෙන්වා දිය හැකිය. 

එසේම වාර්ෂික ආර්ථික සමාජීය සංවර්ධන ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීමටත්, ආර්ථික සහ සමාජීය තිරසරබව මෙන්ම විධිමත් සංවර්ධනයක් පවත්වා ගැනීමටත් චීනය පූර්ණ විශ්වාසයකින් පසුවේ. එම"චීන විශ්වාසය" ලෝක ආර්ථිකයට ද ප්‍රබල ශක්තියක් සපයයි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම