චීන අග්‍රාමාත්‍යවරයා නැගෙනහිර ආසියානු සහයෝගිතා නායක සමුළු මාලාවකට සහභාගීවෙමින් ලාඕසයේ සහ වියට්නාමයේ නිල සංචාර අරඹයි
2024-10-08 17:00:50
Share with:
ආසියාන් සංවිධානයේ වාරික සභාපති රට වන ලාඕස අගමැති Sonexay Siphandone මහතාගේ ආරාධනයෙන්, චීන අගමැති Li Qiang මහතා හෙට(9) සිට 12 වැනිදා දක්වා එරට Vientiane හි පැවැත්වෙන 27 වැනි චීන-ආසියාන් නායක සමුළුවට සහභාගී වන බව, චීන විදේශ අමාත්‍යංශය පවසයි. මෙම කාලසීමාව තුළ, Li Qiang මහතා 27 වැනි ආසියාන්-චීනය-ජපානය-දකුණු කොරියා නායක සමුළුවට මෙන්ම, 19 වැනි නැගෙනහිර ආසියානු සමුළුවට ද සහභාගී වන අතර, ලාඕසයේ නිල සංචාරයක නිරතවීමට නියමිතව තිබේ. මේ අතර වියට්නාම අගමැති Phạm Minh Chính මහතාගේ ආරාධනයෙන්, චීන අගමැති Li Qiang මහතා ලබන 12 වැනිදා සිට 14 වැනිදා දක්වා වියට්නාමයේ නිල සංචාරයක නිරත වන බව ද, චීන විදේශ අමාත්‍යංශය පවසයි.