"ජල පාලනය පිළිබඳ ෂී ජින් පිං මහතාගේ උපුටා ගැනීම්" ඇතුළත් ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කෙරේ
2024-10-08 18:50:50
Share with:

"ජල පාලනය පිළිබඳ ෂී ජින් පිං මහතාගේ අදහස් උපුටා ගැනීම්" ප්‍රකාශයට පත් කර බෙදා හැරේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පක්ෂ ඉතිහාසය සහ ග්‍රන්ථ පර්යේෂණ ආයතනය විසින් මෙම පොත සංස්කරණය කර තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වන ජාතික කොංග්‍රසයේ සිට, ජනතාවගේ ජීවනෝපාය ප්‍රථම ස්ථානය වන අතර, ජල පාලනය ද ඉතා වැදගත්ය යන අදහස්, ෂී ජින් පිං මහතා කේන්ද්‍ර කරගත් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අවධාරනය කර තිබේ.ඒ අනුව ජල ආරක්ෂණ හැකියාවන් පුළුල් ලෙස වැඩිදියුණු කිරීමට පියවර ගෙන ඇත. ජල විපත් වැළැක්වීම සහ පාලනය, ජල සම්පත් සංරක්ෂණය, ජල පාරිසරික ආරක්ෂාව සහ ප්‍රතිසංස්කරණය සහ ජල පරිසර කළමනාකරණය ද ප්‍රවර්ධනය කර තිබේ.

මාතෘකා 6කින් සහ ඡේද 297 කින් එම ග්‍රන්ථය සමන්විත වේ. 2012 දෙසැම්බර් මාසයේ සිට 2024 අගෝස්තු මාසය දක්වා ජල පාලනය සම්බන්ධයෙන් ෂී ජින් පිං මහතා විසින් කරන ලද වැදගත් ප්‍රකාශ මාලාවක් ඊට අන්තර්ගත වෙයි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම