චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ නියෝජිත පිරිස ෂින්ජියං හි Shihezi නගරයේ නිරීක්ෂණ චාරිකාවක
2024-10-08 09:24:01
Share with:

චීන උප අගමැති He Lifeng මහතා ප්‍රමුඛ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ නියෝජිත පිරිස ෂින්ජියං නිෂ්පාදන හා ඉදි කිරීම් සමූහයට අයත් Shihezi නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙති.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, උප අග්‍රාමාත්‍ය He Lifeng මහතා සහ නියෝජිතයෝ ඊයේ(07) පස්වරුවේ ප්‍රථමයෙන් ම එහි ඉඩම් කළමනාකරණ කෞතුකාගාරයට පැමිණියහ. එහිදී ඉඩම් පිළිසකර කිරීමේ හා දේශසීමා මායිම් සුරැකීමේ විප්ලවීය ඉතිහාසය පිළිබඳ සොයා බැලූ ඔවුහු, ෂින්ජියං උයිගුර් ස්වායත්තයේ සංවර්ධනය, ජනවාර්ගික එකමුතුව, සමාජ ස්ථායිතාව හා රටේ දේශසීමා මායිම් ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නිෂ්පාදන හා ඉදි කිරීම් සමූහය ඉටු කර ඇති දැවැන්ත දායකත්වය විමසා බැලූහ. ෂින්ජියං හි වඩාත් ඉහළ මට්ටමේ සංවර්ධනය වෙනුවෙන් කැප වන ලෙස උප අග්‍රාමාත්‍යවරයා එහි කාර්යමණ්ඩලය දිරිගන්වමින් පැවසීය.

අනතුරුව, විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදන සහ නවාකාරයෙන් යුත් කාර්මීකරණ සංවර්ධනය පිළිබඳ තොරතුරු සම්බන්ධයෙන් සොයා බැලීමට නියෝජිත පිරිස ෂින්ජියං ටියැන්යේ සමාගමට පැමිණියහ.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම