බදු ගෙවීම් පැහැර හරින්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කෙරේ
2024-10-08 17:08:49
Share with:
මෙම වසර අවසන් වීමට පෙර ගෙවිය යුතු හිඟ බදු අයකර ගැනීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. බදු ගෙවීම් පැහැර හරින්නන් වෙතොත් ඔවුන්ගේ බැංකු ගිණුම් තහනම් කිරීම මෙන්ම දේපළ පවරාගැනීමටද බලය තිබෙන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් එන්. එම්. එන්. එස්. බී. දිසානායක මහතා ඒ බව සඳහන් කළේය.
කෙසේ නමුත් බදු අයකරගැනීමට පැමිණෙන නිලධාරීන්ගේ අනන්‍යතාව තහවුරු කරගන්නා ලෙස ජනතාවට දැනුම් දෙන බවත්, හිඟ බදු මුදල් කිසි ලෙසකින් චෙක්පත් මඟින් හෝ මුදල් ලෙස ලබානොදෙන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.