පාකිස්ථානයේ කරච්චි නගරයේදී චීන සමාගමක රථ පෙළකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය එරට විවිධ පාර්ශ්ව තරයේ හෙළා දකිති.
පාකිස්ථාන ජනාධිපති Asif Ali Zardari මහතා ඊයේ (7) මියගිය පුද්ගලයින් වෙනුවෙන් බලවත් සංවේගයත්, ඔවුන්ගේ පවුල් වෙත සිය ශෝකය පළ කරන බවත් ප්‍රකාශ කළේය. එමෙන්ම තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ද ප්‍රාර්ථනා කර ඇත.
මේ අතර පාකිස්ථාන අගමැති Shehbaz Sharif මහතා ඊයේ (7) පාකිස්ථාන රජය සහ ජනතාව වෙනුවෙන් චීන තානාපති කාර්යාලයේදී මියගිය පුද්ගලයින් වෙනුවෙන් සිය ශෝකය පළ කළේය. පාකිස්ථානයේ සිටින චීන ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම එරට රජයේ යුතුකමක් බව ඔහු එහිදී පෙන්වා දුන්නේය. පාකිස්ථානය මෙම ත්‍රස්තවාදී ක්‍රියාව තරයේ හෙළා දකින අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කර අපරාධකරුවන්ට දැඩි දඬුවම් ලබා දෙන බව ද ඔහු කියාසිටියේය. එමෙන්ම පාකිස්ථානයේ සිටින චීන පුරවැසියන්ගේ ආරක්ෂාව තර කිරීමට සෑම උත්සාහයක්ම ගන්නා බවත්, පාකිස්ථානය සහ චීනය අතර පවතින සමීප මිත්‍රත්වය පළුදු කිරීමේ කුමන්ත්‍රණයට කිසිදා ඉඩ නොතබන බවත් හෙතෙම අවධාරණය කළේය.
පාකිස්ථානයේ සිටින චීන පුරවැසියන්ගේ මෙන්ම ව්‍යාපෘතිවල හා ආයතනවල ආරක්ෂාව දැඩි ලෙස තහවුරු කරන බව එරට විදේශ අමාත්‍යංශය ද ප්‍රකාශ කර ඇත.
පසුගිය 6 වැනිදා ප්‍රාදේශීය වේලාවෙන් 23:00 ට පමණ, චීන ආයෝජනයෙන් ඉදි කෙරෙන Qasim වරායේ බලශක්ති උත්පාදන සමාගමේ රථ පෙළකට කරච්චි හි Jinnah ජාත්‍යන්තර ගුවන්තොටුපළ අසලදී මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල කෙරිණ. මේ වනවිට, චීන ජාතිකයින් දෙදෙනෙකු මිය ගොස් ඇති අතර, තවත් චීන ජාතිකයෙකු තුවාල ලබා තිබේ. එහිදී පාකිස්ථාන ජාතිකයින් කිහිප දෙනෙකුට ද හානි සිදුව ඇති බව වාර්තා වේ.
එමෙන්ම මෙම ප්‍රහාරයේ වගකීම භාරගන්නා බව Balochistan Liberation Army නමැති ත්‍රස්තවාදී සංවිධානය පවසා ඇත.