චීනයේ ෂින්ජියං නිෂ්පාදන හා ඉදි කිරීම් සමූහය ස්ථාපිත කිරීමේ 70 සංවත්සරය උත්කර්ෂවත් ලෙස සැමරේ
2024-10-07 20:24:12
Share with:

චීනයේ ෂින්ජියං නිෂ්පාදන හා ඉදි කිරීම් සමූහය ස්ථාපිත කිරීමේ 70 වෙනි සංවත්සර උත්සවය අද(7) උදෑසන ෂින්ජියං ජාත්‍යන්තර සම්මේලන සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව, රාජ්‍ය මණ්ඩලය සහ මධ්‍යම හමුදා කොමිසම ඒ වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩ ‍යොමු කළේ ය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, චීන උප අග්‍රාමාත්‍ය He Lifeng මහතා එහිදී දේශනයක් කළේය.

පසුගිය වසර 70 තුළ, ෂින්ජියං උයිගුර් ස්වායත්තයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම, වාර්ගික සමගිය ඉහළ නැංවීම සහ සමාජ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා, ෂින්ජියං නිෂ්පාදන හා ඉදි කිරීම් සමූහය ඓතිහාසික දායකත්වයක් ලබා දී ඇත.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ගේ විශේෂ නියෝජිතයා ලෙසට He Lifeng මහතා, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව, රාජ්‍ය මණ්ඩලය මෙන්ම මධ්‍යම හමුදා කොමිසම වෙනුවෙන්, ෂින්ජියං නිෂ්පාදන හා ඉදි කිරීම් සමූහය ස්ථාපිත කිරීමේ 70 වෙනි සංවත්සරයට සුභ පැතුම් පිරිනැමීය.

නව යුගයේ හා නව ගමනේ දී ෂින්ජියං නිෂ්පාදන හා ඉදි කිරීම් සමූහය, නව යුගයේ චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ ෂී ජින් පිං මහතාගේ චින්තනය මඟපෙන්වීම ලෙසට අනුගමනය  කළ යුතු ය. ෂින්ජියං උයිගුර් ස්වායත්තය හා එම සමූහයේ කාර්යයන් වෙනුවෙන් ෂී ජින්පිං මහතා ලබා දී ඇති මාර්ගෝපදේශ සහ සමස්ත ජාතීන් අතර එකමුතුව තහවුරු කරමින් සිදු කෙරුණු සම්මාන පිරිනැමීමේ සම්මේලනයේ දී හෙතෙම සිදු කළ දේශනය නිසි ලෙස අධ්‍යයනය කළ යුතු බවද චීන උප අගමැතිවරයා කීය. එමගින් ෂින්ජියං නිෂ්පාදන හා ඉදි කිරීම් සමූහය වඩාත් ශක්තිමත් හා සමෘද්ධිමත් කළ යුතු බව ද He Lifeng මහතා එහිදී සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම