සිය භූමිය අත්පත් කර ගෙන සිටින බලවේගයට එරෙහිව සියලු මාර්ග භාවිත කිරීමේ නීත්‍යනුකූල අයිතිය පලස්තීන ජනතාව සතුවන බව ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ප්‍රකාශ කරයි.
පලස්තීන-ඊශ්‍රායල නව වටයේ ගැටුම ආරම්භ වී වසරකට පසුව එම සංවිධානය අද (7) නිවේදනයක් නිකුත් කරමින් ඒ බව ප්‍රකාශ කළේය.
ඊශ්‍රායල ආක්‍රමණයේ බිඳෙන සුලු බව සනාථ වී ඇති අතර, ඇමරිකාවේ සහාය නොමැතිව ඊට පැවැත්මක් නොමැති බව එම සංවිධානය පැවසීය. ඇමරිකාව සහ හවුල්කාරී රටවල් ආක්‍රමණකරුවන් සහ අපරාධකරුවන් බව එම සංවිධානය කියා සිටී.
පලස්තීන ජනතාවට සහාය වීම සඳහා හිස්බුල්ලා සංවිධානය 2023 ඔක්තෝම්බර් 8 වැනිදා සටන් පෙරමුණක් විවෘත කළේය. එය සත්‍යය, යුක්තිය සහ මනුෂ්‍යත්වය මත පදනම් වූ තීරණයක් වන අතර, එය ලෙබනනය ආරක්ෂා කිරීමට ගත් තීරණයක් බව ද එම සංවිධානය සඳහන් කළේය.