ගෝලීය ජල සැපයුම මත පීඩනය වැඩි වී ඇති බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පවසයි.
අද (7) ලෝක කාලගුණ විද්‍යා සංවිධානය "ගෝලීය ජල සම්පත් තත්ත්ව" වාර්තාව නිකුත් කළේය. එම වාර්තාවට අනුව, දශක තුනකට වැඩි කාලයක් තුළ ගෝලීය වශයෙන් වැඩිම ගංගා සංඛ්‍යාවක් වියළිභාවයට පත්වූ වසර ලෙසට 2023 වසර සැලකේ. පසුගිය වසර පහ තුළ, ගංගා හා ජලාශවල ජලය ද සාමාන්‍ය මට්ටමට වඩා අඩු මට්ටමක පැවතිණ. ඉන් නේවාසික ප්‍රජාවන්, කෘෂිකර්මාන්තය සහ පරිසර පද්ධතීන් සදහා සිදු කෙරෙන ජල සැපයුමේ අඩු වීමක් සිදුව ඇති අතර, ගෝලීය ජල සැපයුම් ආතතිය තවදුරටත් උග්‍ර මට්ටමක පවතී.
2023 වසර වාර්තාගත උණුසුම්ම වසර බව ද එම වාර්තාව පෙන්වා දෙයි. වර්තමානයේ, ලොව පුරා බිලියන 3.6 ක ජනගහනය සෑම වසරකම අවම වශයෙන් මසක කාලයක් ජල හිඟයට මුහුණ දෙති. 2050 වසර වන විට, එම සංඛ්‍යාව බිලියන 5 ඉක්මවනු ඇතැයි ද එම වාර්තාවේ දැක්වේ.