දේශීයව නිෂ්පාදනය කළ චීනයේ පළමු සංචාරක නෞකාවේ ජනප්‍රියත්වය ඉහළට
2024-10-07 18:54:57
Share with:
දේශීයව නිෂ්පාදනය කළ චීනයේ පළමු සංචාරක නෞකාව වන ‘ඇඩෝරා මැජික් නගරය’ සිය 64 වැනි චාරිකාව සම්පූර්ණ කරයි.
මෙම වසරේ ජනවාරි පළමුවැනි දා නෞකාවේ ප්‍රථම යාත්‍රා කිරීම ආරම්භ විය. අද(07) 64 වැනි චාරිකාව නිම කළ එම නෞකාව එම කාලය තුළ සංචාරකයන් 2ලක්ෂ 50දහසකට වැඩි පිරිසක් ප්‍රවාහනය කර ඇති බව චීන නෞකා නිශ්පාදන සංස්ථාව පවසයි. එහි ඵලදායිතාව හා ජනප්‍රියත්වය එමගින් පිළිබිඹු කෙරේ.
දේශීයව නිෂ්පාදනය කෙරෙන චීනයේ දෙවැනි සංචාරක නෞකාව මේ වන විට ඉදි කෙරෙමින් පවතී. 2026 වසර අවසානය වන විට එය භාවිතයට භාර දීමට අපේක්ෂා කෙරේ.