චීන විදේශ විනිමය රාජ්‍ය පරිපාලනයේ සංඛ්‍යාලේඛනවලට අනුව, සැප්තැම්බර් මස අවසානය වන විට, චීනයේ විදේශ විනිමය සංචිතය ඇ.ඩොලර් ට්‍රිලියන 3.3කට ඉක්මවයි. අගෝස්තු අවසානය හා සැසඳීමේ දී එය ඇ.ඩොලර් බිලියන 28.2 කින් ඉහළ ගොස් ඇති අතර, වර්ධනය 0.86% කි.
අගෝස්තු මාසයේ, ප්‍රධාන ආර්ථිකයන්හි මහ බැංකුවල මූල්‍ය ප්‍රතිපත්ති සහ අපේක්ෂිත ඉලක්කයන්, සාර්ව ආර්ථික දත්ත සහ අනෙකුත් සාධක හේතුවෙන් ඇමරිකානු ඩොලරයේ දර්ශකය පහත වැටිණ.
චීනයේ ආර්ථික ක්‍රියාකාරිත්වය සමස්තයක් වශයෙන් ස්ථාවර මට්ටමක පවතින අතර ඒ තුළින් වර්ධනයක් දක්නට ලැබේ. චීන ආර්ථිකය නම්‍යශීලීත්වයෙන් යුන්ක වීම සහ විශාල විභවයන් තිබීම වැනි හිතකර බව නොවෙනස්ව පවතී. විදේශ විනිමය සංචිත පරිමාණය අඛණ්ඩ ව ස්ථාවරව පැවතීමට ඉන් සහායක් වනු ඇත.