පාස්කු ඉරිදා ප්රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කරන බව ජනපති කියයි
2024-10-07 18:21:27
Share with:
පාස්කු ඉරිදා ප්රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
පාස්කු ඉරිදා බෝම්බ ප්රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සමග 6 වැනි දා මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී ඔහු පාස්කු ප්රහාරයෙන් අසරණ වූ වින්දිතයන්ට සාධාරණය සහ යුක්තිය ඉටු කරන බවටද සහතික විය.
මෑත කාලයේ මෙරට සිදු වූ විශාලතම ඛේදවාචකය වන පාස්කු ප්රහාරය කාලයේ වැලි තලාවට යටපත් වුවත්, එය මකා දැමීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.