පසුගිය මස ගෝලීය නිෂ්පාදන මිලදී ගැනීමේ කළමනාකරුවන්ගේ දර්ශකයේ සුළු අඩුවීමක්
2024-10-06 17:06:47
Share with:
චීන භාණ්ඩ සැපයුම් සහ මිලදී ගැනීම් සම්මේලනය අද(6) සැප්තැම්බර් මාසයේ ගෝලීය නිෂ්පාදන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පිළිබඳ නිවේදනය කළේ ය.
සැප්තැම්බර් මාසයේදී ගෝලීය නිෂ්පාදන මිලදී ගැනීමේ කළමනාකරුවන්ගේ දර්ශකය 48.8% ක් වූ අතර, එය අගෝස්තු මාසය හා සසඳන විට 0.1% ක සුළු අගයකින් පහළ ගොස් ඇත. ගෝලීය නිෂ්පාදන කර්මාන්තයේ සමස්ත ප්‍රකෘතිය තවමත් දුර්වල බව මින් පෙන්නුම් කෙරේ.
චීනයේ ආර්ථික ප්‍රකෘතිය මගින් මෙහෙයවනු ලබන ආසියාවේ නිෂ්පාදන කර්මාන්තය ගෝලීය ආර්ථික ප්‍රකෘතිය සඳහා ස්ථායී සාධකයක් ලෙස අඛණ්ඩව ක්‍රියා කරයි. ආසියානු නිෂ්පාදන මිලදී ගැනීමේ කළමනාකරුවන්ගේ දර්ශකය 50.7% ක් වූ අතර, එය අඛණ්ඩව මාස දෙකක් තිස්සේ පහත වැටීමේ ප්‍රවණතාවය අවසන් කිරීම විශේෂත්වයකි.