බොහෝ රටවල් විරෝධතා පෙළපාලි පවත්වමින් යුද්ධය අවසන් කරන ලෙස ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටී.
ඊයේ (5) පස්වරුවේ ඇමරිකාවේ ධවල මන්දිරය අසල වීදිවල විරෝධතාකරුවන් විශාල සංඛ්‍යාවක් රැස්ව සිටියහ. ඒ පලස්තීන ජනතාව වෙනුවෙන් “ඊශ්‍රායලයට ලබා දෙන සියලුම ඇමරිකානු ආධාර නවත්වන” ලෙස විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සහ ධවල මන්දිරය දෙසට හැරී විරෝධතා පාඨ හඬ නඟමින් ප්‍රකාශ කරමිනි.
ඉතාලියේ රෝම අගනුවරදී ද ඊයේ (5) විරෝධතා දැක්වීමේ ක්‍රියාකාරකමක් පැවැත්විණ. ගාසා තීරය ඇතුළු ප්‍රදේශවල සිදු කරන ඊශ්‍රායලයේ හමුදා මෙහෙයුම්වලට එරෙහිව පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් දහස් ගණනක් මේ සඳහා එක් වූහ.
ගාසා තීරයට සහ ලෙබනනයට එරෙහිව ඊශ්‍රායලය ක්‍රියාත්මක කරන යුද්ධයට දැඩි විරෝධය පළ කරමින් දහස් සංඛ්‍යාත විරෝධතාකරුවෝ පසුගිය 4 වැනිදා යේමනයේ සානාහි දී පෙළපාලියක් පැවැත්වූහ.
මේ අතර, ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතා ඊයේ (5) විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී ඉල්ලීමක් කළේය. ඒ ගාසා තීරයේ සටන් කිරීමට ඊශ්‍රායලයට ආයුධ සැපයීම නතර කරන ලෙස සඳහන් කරමිනි. පලස්තීන-ඊශ්‍රායල් ගැටුම විසඳීමට මේ මොහොතේ වඩාත්ම වැදගත් වනුයේ කඩිනමින් දේශපාලන විසඳුමකට යළි යොමු වීම සහ ඊශ්‍රායලයට ආයුධ සැපයීම නැවැත්වීම බව ඔහු පැවසීය. එවැනි ආයුධ සැපයීම ප්‍රංශයෙන් සිදු නොවන බව ද ඔහු සඳහන් කර ඇත.