නව ව්‍යවස්ථාවක් නිර්මාණය කරන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්
2024-10-06 15:53:20
Share with:
නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට තමන් අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඒ ඊයේ (05) ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වැඩබලන මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමට ගිය අවස්ථාවේදී ය.
මහා සංඝරත්නය ජනාධිපතිවරයාගෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව ද කළ විමසීමට පිළිතුරු ලෙස ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.
දීර්ඝ සාකච්ඡාවකින් සහ ජනමත විචාරණයකින් පසුව පමණක් එය සිදු කිරීම තම අපේක්ෂාව බවත්, පසුගිය රජයන් ඔවුන්ට අවශ්‍ය ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළා මිස ජනතාවගේ එකඟතාව අනුව එය සිදු නොකළ බවත් ජනපතිවරයා එහිදී පෙන්වා දී ඇත.