ජන හා නිවාස සංගණනය ‍හෙට ඇරඹේ
2024-10-06 18:33:49
Share with:

15 වන ජන හා නිවාස සංගණනයේ පුද්ගල සහ නිවාස තොරතුරු රැස් කිරීම හෙට (07) ආරම්භ වීමට නියමිත ය.

ඒ සඳහා සංගණන නිලධාරීන් හෙට(07) සිට නිවෙස් වෙත පැමිණෙන බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනවිරත්න මහත්මිය සඳහන් කළා ය.

පසුගිය කාලයේ කළ ලැයිස්තුගත කිරීම්වලදී 2012 සංගණනයට සාපේක්ෂව නිවාස ඒකකවල 24% ක වැඩිවීමක් පෙන්නුම් කරන බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා ය.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම