ගුරු දිනයට අගමැතිනියගෙන් සුබ පැතුම්
2024-10-06 18:32:52
Share with:

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් වෙනුවෙන් යන ගමනේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලබන පිරිස අතර ගුරු විදුහල්පතිවරු සුවිශේෂ වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි. 2024 ඔක්තෝබර් පස්වැනි දිනට යෙදෙන ලෝක ගුරු දිනය නිමිත්තෙන් දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය සංවිධාන කරනු ලබන ගුරු උපහාර උත්සවයට හෘදයාංගම සුභපැතුම් එක් කරමින් ඇය මේ බව කියාසිටියා ය.

ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ප්‍රජාවට සංස්කෘතිය පවරා දෙමින් තමන් ඉටුකරන මෙහෙවර සඳහා සැබවින්ම තෘප්තිමත් ගුරු භූමිකාවක අවශ්‍යතාවය පවතින බව ද අගමැතිනිය එහිදී සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම