මාලදිවයිනේ නව විදේශ ඇමති වෙත චීන විදේශ ඇමතිගෙන් සුබ පැතුම්
2024-10-05 19:30:34
Share with:

චීන විදේශ අමාත්‍ය වං යී මහතා මාලදිවයිනේ නව විදේශ ඇමති Abdulla Khaleel මහතා වෙත සුබ පැතුම් පිරිනමයි. හෙතෙම ඊයේ(04) සිය සුබ පැතුම් පණිවුඩය යොමු කළේය.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, විදේශ ඇමති වං යී මහතා එහිදී පැවසුවේ චීනය හා මාලදිවයින අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර ගතවූ වසර 52 තුළ, සාමකාමී සහජීවනයේ පස්වැදෑරූම් මූලධර්මය මත පදනම් ව, කේන්ද්‍රීය ප්‍රතිඵල හා පොදු සැලකිල්ලට ගත් ප්‍රධාන ගැටළු සම්බන්ධයෙන් දෙරට එකිනෙකාට සහාය දක්වා ඇති බවයි. Abdulla Khaleel මහතා සමග එක්ව, දෙරට ජනාධිපතිවරුන්ගේ එකඟතාවන් අනුගමනය කරමින් ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ නිසි අයුරින් තහවුරු කර  චීනය හා මාලදිවයින අතර පූර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරීත්වය නව මාවතකට රැගෙන යාමට තමා කැමැත්තෙන් සිටින බව ද චීන විදේශ අමාත්‍යවරයා සිය පණිවුඩයෙන් පෙන්වා දී ඇත.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම