උපදේශන ඔස්සේ වෙළඳ ආරවුල් විසඳීමේ නිවැරදි මාර්ගයට යොමු වන ලෙස චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි
2024-10-05 19:49:56
Share with:

දේශපාලන අභිමතය ක්‍රියාවට නැංවීමට සහ උපදේශන මගින් වෙළඳ ගැටුම් නිරාකරණය කර ගැනීමේ නිවැරදි මාර්ගයට පිවිසෙන ලෙස චීනය යුරෝපා කොමිසමෙන් ඉල්ලා සිටී. චීනයේ විදුලි මෝටර් රථවලට සහනාධාර විරෝධි රේගු බදු පැනවීමේ කොමිසමේ යෝජනාවට යුරෝපා සංගමය සිය සාමාජික රටවලින් සහාය ලබා ගැනීමෙන් පසු චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවක් මේ බව සඳහන් කළා ය.

යුරෝපා සංගමයේ මෙම අවසන් තීන්දුවට චීනය දැඩි ලෙස විරුද්ධ වන අතර, සාකච්ඡා මාර්ගයෙන් ගැටලුව විසඳා ගැනීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව දෙපාර්ශ්වයේම තාක්ෂණික කණ්ඩායම් අතර සාකච්ඡා ලබන ඔක්තෝබර් 7 වනදා සිට අඛණ්ඩව පැවැත්වීමට නියමිත ය.

මෙලෙස අතිරේක තීරුබදු පැනවීමෙන් සිදු වන හානිය පිළිබඳව පැහැදිලිව අවබෝධ කර ගත යුතු අතර එමගින් කිසිදු ගැටළුවකට විසඳුමක් නොලැබෙනු ඇත. එමෙන්ම මින් සිදු වනුයේ චීන සමාගම්වල විශ්වාසය බිඳවැටීම සහ යුරෝපය සමග ආයෝජන සහයෝගීතා පැවැත්වීමෙන් වැළකීම පමණි.

මේ සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය වඩාත් පැහැදිලි ය. යුරෝපා සංගමයේ මෙවැනි අසාධාරණ සහ නීති විරෝධී ආරක්ෂණවාදී භාවිතයන්ට චීනය දැඩි ලෙස විරුද්ධ වන බව ඇය අවධාරණය කළා ය. මෙමගින් ලෝක වෙළඳ සංවිධානයේ නීති බරපතල ලෙස උල්ලංඝනය කර ඇති අතර මෙය සාමාන්‍ය ජාත්‍යන්තර වෙළඳ ක්‍රියාපටිපාටිය ද බිඳ දැමීමකි.

එමෙන්ම මෙම තීරණය චීන-යුරෝපා සංගමයේ වෙළඳ සහ ආයෝජන සහයෝගීතාවයට පමණක් නොව යුරෝපා සංගමයේ හරිත පරිවර්තන වැඩසටහනට ද බාධාවක් වන අතර ගෝලීය දේශගුණික විසඳුම් සඳහා අහිතකර බලපෑමක් ද ඇති කරයි.

පසුගිය ජූනි මස අග සිට දෙපාර්ශ්වයේම අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානීන් තාක්ෂණික උපදේශන රැසක් පවත්වා ඇති අතර සැප්තැම්බර් 19 වන දින වාණිජ අමාත්‍ය Wang Wentao  සහ යුරෝපීය කොමිසමේ විධායක උප සභාපති සහ වෙළඳ කොමසාරිස් Valdis Dombrovskis  යන මහත්වරුන් සාකච්ඡා පවත්වා තිබේ. එහිදී ඔවුහු වෙළඳ ගැටුම් උත්සන්න වීම වළක්වා ගැනීමට අඛණ්ඩ සාකච්ඡා පැවැත්වීමට එකඟත්වය පළ කළහ. කෙසේ නමුත් චීන ව්‍යවසායයන්ගේ අවශ්‍යතා දැඩිව ආරක්ෂා කිරීමට චීනය හැකි සෑම පියවරක්ම ගනු ඇති බව ද චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශිකාව වැඩිදුරටත් පවසා ඇත.

එමෙන් ම, ජාත්‍යන්තර වෙළඳාම ප්‍රවර්ධනය කිරීමේ චීන කවුන්සලයේ ප්‍රවෘත්ති ප්‍රකාශකයා පැවසුවේ කලක සිට චීනයේ විදුලි මෝටර් රථ කර්මාන්තය උපරිම විනිවිදභාවයෙන් යුතුව යුරෝපා සංගමයේ විමර්ශනයන්ට එක් ව ඇති බවයි. මිල සහන ලබා දීම ඇතුළු ක්‍රමවලින් ලෝක වෙළඳ සංවිධානයේ රෙගුලාසීන්ට අනුව නිසි ලෙස එම වෙළඳ ආරවුල් විසඳිය හැකි බවට අපේක්ෂා කරන බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20241103ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම